ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය සහ දක්ෂ රංගන ශිල්පිනියක් වන දිනක්ෂි ප්‍රියසාද්ට ගෙවී ගිය වසර ඇගේ රංගන දිවිය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් වී තිබේ.
රිදී තිරයේ මෙන්ම පුංචි තිරයේදී ද නොඅඩුව තම රංගන හැකියාව ප්‍රදර්ශනය කරන දිනක්ෂි, මේ වසරේදී ඇයගේ රංගනය වෙනුවෙන් හිමි වූ සම්මාන පිළිබඳව සාකච්ඡාවකදී අදහස් දක්වා තිබුණේ මෙලෙසිනි:
"නිළියක් විදිහට ජනප්‍රියත්වය සහ ප්‍රේක්ෂක ආදරය ඉතා වැදගත් වෙනවා වගේම, තමන්ගේ රංගනය වෙනුවෙන් ලැබෙන ඉහළම සම්මාන රැසක් දිනාගන්න මට මේ වසරේදී පුළුවන් වුණා. මේ අවුරුද්දෙ පැවැත්වුණු හැම සම්මාන උළෙලකදිම සම්මානයට පාත්‍ර වුණා වගේම, මගේ ජීවිතයේ ලොකුම සම්මානයත් මට ලැබුණෙ මේ අවුරුද්දෙයි. ඒ හොඳම නිළියට හිමි සම්මානයයි."
තවදුරටත් අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ, "ඒ වගේම හොඳම සහය නිළිය, ජනප්‍රියම නිළිය වැනි සම්මානත් මට හිමි වුණා. ඉතින්, මේ අවුරුද්ද මට සැබවින්ම සුබයි" යනුවෙනි.


0 Comments