Ticker

6/recent/ticker-posts

GIT විභාගය ගැන වැදගත් නිවේදනයක්! නව දිනය හා පාසල් සිසුන් සඳහා විශේෂ දැනුම්දීම

 

නවතම පුවත්වලට අනුව, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දමන ලද 2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) පැවැත්වෙන නව දිනය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ මෙම විභාගය 2026 ජනවාරි මස 11 වන ඉරිදා දින පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සංවිධානය කර ඇති බවයි. එබැවින් විභාගය අපේක්ෂිත සියලුම සිසුන් මෙම නව දිනය පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත්.

විශේෂයෙන්ම, මෑතකදී ඇති වූ ස්වභාවික ආපදාවන්ට ලක් වූ පාසල් අයදුම්කරුවන් සඳහා විශේෂ දැනුම්දීමක් ද මෙහිදී සිදු කර තිබෙනවා. යම් හෙයකින් ආපදා තත්ත්වය හේතුවෙන් තම මුල් විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට නොහැකි නම්, අදාළ සිසුන් වහාම තම පාසලේ විදුහල්පතිවරයා දැනුවත් කළ යුතුයි.

එමෙන්ම, ආපදාවට ලක් වූ සිසුන් සිටින විදුහල්පතිවරුන්ට ද අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස් ලබා දී තිබෙනවා. එනම්, තමන්ගේ පාසලේ ආපදාවට ලක් වූ අයදුම්කරුවන් සිටී නම්, ඒ පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ විභාග කොමසාරිස් (පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල) දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බවයි.

GIT විභාගය සඳහා සූදානම් වන සියලුම දරුවන්ට මෙම නව තොරතුරු ප්‍රයෝජනවත් වනු ඇතැයි අප විශ්වාස කරනවා. විභාගයට මුහුණ දෙන ඔබට අපෙන් සුබ පැතුම්!

Post a Comment

0 Comments