කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (දෙසැම්බර් 05) අලුයම නිකුත් කළ නවතම නිවේදනයට අනුව, ඊසානදිග මෝසම් තත්ත්වය මේ වන විට ක්‍රමයෙන් දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතී. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරි දින කිහිපය තුළ කාලගුණයේ සැලකිය යුතු වෙනස්කම් අපේක්ෂා කළ හැකිය.
උදෑසන සහ දිවා කාලයේ කාලගුණ රටාව
දේපාර්තමේන්තුවට අනුව, අද දිනයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයට ද වැසි වාර කිහිපයක් ඇති වීමේ ඉඩකඩ පවතී.
පස්වරු 1න් පසු අවදානම් වැසි
කෙසේ වෙතත්, දිවයිනේ සෙසු ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක්කේ පස්වරු 1න් පමණ පසුවයි. විශේෂයෙන්ම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. මේ නිසා මෙම ප්‍රදේශවල ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතුය.
මාර්ග අනතුරු අවදානමක්! මීදුම් සහිත තත්ත්වය
මෝසම් තත්ත්වයත් සමඟ උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද අපේක්ෂා කෙරේ. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බැවින්, මාර්ගවල ගමන් කරන්නන් අමතර අවධානයෙන් රිය පැදවිය යුතුය.
ජනතාවට විශේෂ දැනුම්දීම
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී. විශේෂයෙන්ම ගිගුරුම් පවතින අවස්ථාවල විවෘත ස්ථානවල රැඳී නොසිට ආරක්ෂිත ස්ථානවලට යොමු වීම අතිශයින් වැදගත් වේ.

0 Comments