Ticker

6/recent/ticker-posts

බණ්ඩාරනායක පදනමෙන් ආපදා අරමුදලට රුපියල් මිලියන 250ක පරිත්‍යාගයක්

 

ශ්‍රී ලංකාවේ මේ දිනවල පවතින හදිසි ආපදා තත්ත්වයන්ගෙන් විපතට පත් ජනතාව නැවත නඟාසිටුවීම සඳහා වන රජයේ විශේෂ අරමුදලට, බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම මගින් අතිවිශාල මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබේ.

ඒ අනුව, එම පදනම මගින් රුපියල් මිලියන 250 ක මුදලක් රජයේ ආපදා අරමුදල වෙත පිරිනමා ඇත. මෙම පරිත්‍යාගය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වෙත නිල වශයෙන් භාර දෙනු ලැබිණි.

මෙම වැදගත් අවස්ථාවට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වන මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා ද සහභාගී විය. එසේම, බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් ද මෙම උත්සවය සඳහා සහභාගී වී සිටියහ. මෙම ප්‍රදානය මගින් ආපදාවෙන් බැට කෑ ජනතාවගේ සහනශීලී වැඩසටහන් සඳහා විශාල දායකත්වයක් ලැබෙනු ඇත.

Post a Comment

0 Comments