කාන්තාවන් හැඩට අඳින්නට පළඳින්නට කොතරම් කැමතිද යන්න අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ නිසාම රෙදිපිළි අලෙවිසැල්වලට කාන්තා පාරිභෝගිකයන්ගෙන් හිඟයක් නැහැ. නමුත් ඇඳුම් සාප්පුවකදී සිදුවූ මෙවැනි අමිහිරි සිදුවීමක් ඔබ අසා තිබෙනවාද? ඇසූවන් මවිතයට පත් කරන කතාවක් මේ.
තලවතුගොඩ නගරයේ ජනප්‍රිය නිමි ඇඳුම් අලෙවිසලක අයිතිකරු විසින් සිදු කළ ඉතාමත් අසංවේදී ක්‍රියාවක් පිළිබඳව අප වාර්තා කරනවා. මෙම වෙළඳසැලේ ඇති ඇඳුම් ඇඟලා බලන (Changing Room) කාමරයක් තුළ ඉතා සූක්ෂම ලෙස කැමරාවක් සඟවා තිබී ඇත. එහි ප්‍රතිඵලය වූයේ, කිසිවක් නොදත් තරුණියන් ඇඳුම් මාරු කළ අවස්ථා සිය ගණනක් වීඩියෝ ගත වීමයි.
මෙම අලෙවිසැලේ 43 හැවිරිදි හිමිකරු කොට්ටාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී, මෙලෙස වීඩියෝ ගත කරන ලද දර්ශන 200කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා. මෙය ඉතා බරපතල තත්ත්වයක්.
මෙම නීති විරෝධී දර්ශන අන්තර්ජාලයට මුදා හැර ඇත්ද, නැතහොත් වෙනත් අසභ්‍ය වෙබ් අඩවි වෙත විකුණා ඇත්ද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇති බවයි පොලීසිය තවදුරටත් සඳහන් කළේ.

0 Comments