සමගි ජන බලවේගයේ (SJB) ජාතික සංවිධායක සහ ප්‍රකට දේශපාලනඥයෙකු වන හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතාගේ දියණිය වන දුල්මිණි අත්තනායක මෙනවියගේ විවාහ මංගල්‍යය පසුගියදා ඉතාමත් අලංකාරවත් ලෙස පැවැත්විණි. මෙම මංගල්‍යය දේශපාලන ක්ෂේත්‍රයේ දැවැන්තයන් රැසකගේ අවධානයට ලක් වූ විශේෂ අවස්ථාවක් විය.
ඇයගේ අත ගත්තේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කටයුතු කරන අනෝජ් කුමාරගේ මහතායි. ඔවුන් දෙදෙනාගේ සුන්දර විවාහය කොළඹ තිඹිරිගස්යාය ශාන්ත තෙරේසා දේවස්ථානයේදී පැවැත්වුණු අතර, මේ සඳහා දේශපාලනඥයන්, හිතවතුන් සහ පවුලේ සමීපතමයන් ඇතුළු විශාල ආරාධිතයන් පිරිසක් එක්ව සිටියහ.
මෙම විවාහ මංගල්‍යයේදී සිදු වූ කැපී පෙනෙනම සිදුවීම වූයේ, ඔවුන්ගේ විවාහයට සාක්ෂි අත්සන් තැබීම සඳහා රටේ ප්‍රධාන පෙළේ දේශපාලන නායකයන් දෙපළක් පැමිණීමයි. ඒ අනුව, මනාලිය වන දුල්මිණි අත්තනායක මෙනවියගේ පාර්ශවය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සාක්ෂි අත්සන් තැබීමට සහභාගී වූ අතර, මනාල මහතාගේ පාර්ශවය වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වීම විශේෂත්වයකි. මෙම සිදුවීම මංගල උත්සවයට අමුතුම දීප්තියක් එක් කළේය.
මෙම අලංකාරවත් විවාහ මංගල්‍යයේ ඡායාරූප පහතින් බලන්න.








0 Comments