ලග්න 12 ටම අද දිනය උදා වී ඇත්තේ චන්ද්‍රයාගේ බලපෑම විවිධාකාරයෙන් ගෙන එමිනි. ඔබේ ලග්නයට අනුව දවසේ සිදුවන ශුභ අශුභ ඵල හඳුනා ගෙන, ජීවිතයේ කටයුතු සාර්ථක කර ගැනීමට මෙම තොරතුරු ඔබට උපකාරී වනු ඇත.
♈ මේෂ: විවාහ අපේක්ෂකයන්ට ශුභයි, සිත චංචල විය හැකියි
අද දින චන්ද්‍රයා ඔබේ ලග්නයෙන් හත් වැන්නේ ගෝචරය වීම විවාහ අපේක්ෂකයන්ට අතිශය ශුභදායකය. කෙසේ වෙතත්, දැනට විවාහ වී සිටින අය තම සහකරු හෝ සහකාරිය කෙරෙහි ස්ථාවර මතයක නොසිටීමට ඉඩ ඇත. ව්‍යාපාරික හවුල්කරුවන් සමඟ ද මත ගැටුම් ඇති වීමට හෝ සබඳතා වැඩි වීමට ඉඩ තිබේ. මෙයට ප්‍රධානතම හේතුව වන්නේ අද දින ඔබේ සිතුවිලි තරමක් චංචල වීමයි. සඳු උච්ච, ස්වක්ෂේත්‍ර හෝ මිත්‍ර රාශියක තැන්පත් වුවහොත් හෝ ශුභ දෘෂ්ටි ලැබුවහොත් සියලු ලෞකික සැප සම්පත් හිමිවීමට වාසනාව සැලසෙනු ඇත.
♉ වෘෂභ: අතමිට සරු වන, සමාජයේ සැලකිලි ලබන දවසක්
අයස්ථානය වන ලග්නයෙන් එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචරය වීම ඉතා ශුභදායක තත්ත්වයකි. ව්‍යාපාරවල නිරතව සිටින අයට අද දින අතමිට සරු වන දවසක් වනු ඇත. සමාජයේ සැලකිලි සහ කීර්තිය ඉහළ යන අතර, සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් නොවනු ඇත. විශේෂයෙන්ම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාව ද හිමි වේ. එහෙත්, ඔබේ ගති පැවතුම් නිතර වෙනස් වීමට ඉඩ ඇති බැවින් ඒකාකාරී නොවිය හැකිය.
♊ මිථුන: වස්තුව සහ සැප සම්පත් ලඟා වේ
ලග්නයෙන් දහ වැන්නේ ගෝචරය වන චන්ද්‍රයා අද ඔබට යහපත් ප්‍රතිඵල රැසක් ගෙන එයි. සාමාන්‍යයෙන් හුරුපුරුදු ක්‍රියාවන්හි යම් වෙනස්වීම්වලට භාජනය වුවත්, එය අවසානයේදී ඔබේ දියුණුව පිණිසම හේතු වේ. ඇවිදිමින් කරන රැකියාවන්හි නියුතු අයට බොහෝ ප්‍රතිඵල ලැබෙනු ඇත. දෙමව්පියන්ගේ, විවාහ සහකරුගේ, දරුවන්ගේ සහ හිතමිතුරන්ගේ මනා සහයෝගය ඔබට වස්තුව සහ සැප සම්පත් ලබා දෙයි. අද දිනය ඔබට හැම අතින්ම වාසනාවන්ත දිනයක් වනු ඇත.
♋ කටක: දක්ෂතා මතු වේ, අධ්‍යාපනයෙන් ඉහළට
අද දින ඔබේ ලග්නයෙන් නව වැන්නේ සඳු ගෝචරය වීම ඔබේ දියුණුවේ දොරටු විවර කිරීමට සමත් වේ. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වේ. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වන අතර, ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වීමෙන් මතු දියුණුවට මඟ පෑදේ. ගුරු වෘත්තියේ හෝ උපදේශක තනතුරුවල නියැලෙන්නන් ගෞරවාදරයට පාත්‍ර වේ. නිරෝගීභාවය ඇති වන අතර, ලෞකික හා ලෝකෝත්තර දෙයාකාරයෙන්ම දියුණුවට මඟ සැලසේ.
♌ සිංහ: ධෛර්යය අඩුවිය හැකියි, කල්පනාකාරී වන්න
සඳු ලග්නයෙන් අට වැන්නේ ගෝචරය වීම එතරම් යහපත් නොවේ. එබැවින් අද දවසේ ඔබේ හිතේ ධෛර්යය ශක්තිය තරමක් අඩුවිය හැකිය. ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකි බැවින් ඔබ අද දින බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඈත් වීම නුවණට හුරුය. ශරීර අභ්‍යන්තරය දුර්වල කරන රෝග ඇතිවීමට ද ඉඩ තිබේ. යහපත් ලෙස සිටියහොත් ඉහත කී අශුභ ඵල අඩු කර ගැනීමට අවස්ථාව ලැබේ.
♍ කන්‍යා: සිත නිතර චංචල වී, දුක් සහිත අත්දැකීම්
අද දින ලග්නයෙන් දොළොස් වැන්නේ චන්ද්‍රයා ගමන් කිරීම ඔබට ශුභදායක නොවේ. සිත නිතර චංචල වන අතර දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. අද දින නඩුහබවලට පැටලුණහොත්, ඒවායින් ජය ගැනීම අසීරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදීමට ඉඩ ඇත. එහෙත්, රෝහල්වල, අනාථ මඩම්වල හෝ නේවාසිකාගාරවල ආදීයෙහි රැකියාවල නියුතු අයගේ සිත සුවපත් වන අතරම, එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා අතමිට හිඟ නොවනු ඇත.
♎ තුලා: රහස් සතුරන් සහ හීන වන ශරීර සෞඛ්‍ය
ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින අන්‍යයන් ඇසුරු කිරීමේදී ඔබේ මතයට වඩා අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද සහ මත ගැටුම් මඟින් රහසේ සතුරුකම් කරන්නන් ඇතිවීමට ඉඩ තිබේ. මෙම ලග්නය ඇති අය දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් වෙහෙසෙන අතර, ඔවුන් සමඟ ප්‍රීතියෙන් කල් ගෙවයි. උදරාබාධ සම්බන්ධයෙන් කල්පනාකාරී විය යුතුය.
♏ වෘශ්චික: අධ්‍යාපන සහ දරුවන්ගේ කටයුතු සඵලත්වයට
ලග්නයෙන් පස්වැන්නේ චන්ද්‍රයා ගෝචරය වන අද දින ඉගෙන ගන්නා අයගේ උනන්දුව වැඩි වීමට හේතු වේ. තරඟ විභාගාදියෙන් ජය ලැබීමට ඉඩ තිබේ. ක්‍රීඩාවට ඇළුම් කරන අයට නිරෝගී සුවය හිමිය. දරුවන් ඇති අය දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් වෙහෙසෙන අතර, ඔවුන් සමඟ ප්‍රීතියෙන් කල් ගෙවයි. උදරාබාධ සම්බන්ධයෙන් කල්පනාකාරී විය යුතුය.
♐ ධනු: පවුලේ සමගිය සහ සතුට
සඳු ලග්නයෙන් හතර වැන්නේ ගෝචරය වන අද දින ඔබට මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇත. ගේ දොර පරිසරය අලංකාරව හා සුවදායී ලෙස තබා ගැනීමෙන් සතුටට පත් වේ. ගමන් බිමන් යන්නේ නම් සුඛෝපභෝගී යාන වාහන සඳහා සිත යොමු වේ. දුබල සඳු විසින් සිතේ ඇති කරවන නොසන්සුන්කම පාලනය කර ගැනීමෙන් ගෙදර දොර පරිසරය සහ වටාපිටාව සුවදායී එකක් වනු ඇත.
♑ මකර: ඔබේ ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට
ලග්නයෙන් තුන් වැන්නේ ගෝචරය වන චන්ද්‍රයා ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට සමත් වෙයි. තම පරපුර බබළවමින් කරන සහෝදර සහෝදරියන් හා යහපත් ඇසුර කාගේත් සිත් දිනා ගනී. තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් ජය ලැබීමේ වාසනාව ඇත. බොහෝ ඇවිදිලි සහිත දවසක් වනු ඇත. පීනස සහ පපුවේ සෙම් බහුල ගතිය ඇති වීමට වැඩි ඉඩක් ඇත.
♒ කුම්භ: යහපත් ඇසුර සහ යහපත් ආර්ථිකයක්
අද දින චන්ද්‍රයා ඔබගේ ලග්නයෙන් දෙවැන්නේ ගෝචරය වීම ඉතා ශුභදායකය. දැකීමට ප්‍රිය උපදවන සිනහවෙන් පිරි මුහුණකින් යුතුව කතා බහ ආකර්ෂණීය වේ. හවුල්කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ. පවුලේ අය සමඟ, විවාහ සහකරු හෝ සහකාරිය සමඟ සහ දරුවන් සමඟ ඉතා සතුටින් කාලය ගත කිරීමට අද දින ඔබට අවස්ථාව සැලසේ.
♓ මීන: අන් අයගේ සිත් දිනා ගනී, ප්‍රවේශම් වන්න
චන්ද්‍රයා ලග්න භාවයේ සැරිසරන අද දින ඔබ අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙන අතර, ඔවුන්ගේ උදව් උපකාර ද ඔබට හිමිය. ඔබට ද උසස් සිතුවිලි ඇති වන අතර, ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව තිබේ. ඔබ අද දින ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරනු ඇත. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බියවෙන ගතියක් ඇති වීමට ඉඩ තිබේ.

0 Comments