වැල්ලවත්ත දුම්රියපොළ පාර ආශ්‍රිත ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය නීතිවිරෝධී ගණිකා නිවාසයක් වැටලීමට පොලිසිය සමත් වී ඇත.
පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී විදේශීය ජාතික සැකකාරියන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 34, 36, සහ 38 යන වයස්වල පසුවන තායිලන්ත ජාතිකයින් බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරගෙන යනු ලබයි.
.jpeg)
0 Comments