Ticker

6/recent/ticker-posts

දිල්ලියේ වායු දූෂණය දරුණු අතට: සෞඛ්‍ය අවදානම ඉහළ යයි

 

ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලිය සහ ඒ අවට කලාපය දැඩි වායු දූෂණයකට ගොදුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය දින කිහිපය පුරාම මෙම ප්‍රදේශවල වායු ගෝලයේ ගුණාත්මකභාවය අතිශයින්ම අනතුරුදායක මට්ටමක පවතින බව නිරීක්ෂණය වී ඇත. ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, වායු ගුණාත්මක දර්ශකය (AQI) ඒකක 376ක් ලෙස සටහන් වී ඇති අතර, මෙය සාමාන්‍ය මට්ටමට වඩා බෙහෙවින් වැඩි අහිතකර තත්ත්වයකි.

මෙම වායු දූෂණයේ බරපතළකම තේරුම් ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන් සමඟ සැසඳීමේදී පැහැදිලි වේ. වර්තමානයේ දිල්ලියේ පවතින වායු දූෂණ මට්ටම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මිනිස් සිරුරට නිරෝගී ලෙස දරාගත හැකි යැයි නිර්දේශ කර ඇති උපරිම සීමාව මෙන් 25 ගුණයකටත් වඩා වැඩි අගයක් ගනී. මේ හේතුවෙන් නගරය පුරා දැඩි මීදුම් සහිත ස්වභාවයක් පැතිර පවතින අතර ජන ජීවිතයට ද එය දැඩි බලපෑම් එල්ල කරමින් තිබේ.

අඛණ්ඩව පවතින මෙම තත්ත්වය හමුවේ එරට සෞඛ්‍ය අංශ මහජනතාව වෙත විශේෂ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මෙවැනි දූෂිත වායුගෝලයකට නිරාවරණය වීමෙන් ශ්වසන ආබාධ, හෘද රෝග සහ තවත් බරපතළ සෞඛ්‍ය සංකූලතා ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතින බව වෛද්‍යවරු පෙන්වා දෙති. එබැවින් හැකි තාක් ගෘහස්ථව රැඳී සිටින ලෙසත්, අත්‍යවශ්‍ය කටයුත්තකට පිටතට යන්නේ නම් නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසත් බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

Post a Comment

0 Comments