කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් බස්නාහිර සහ සබරගමුව පළාත් මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම අනතුරු ඇඟවීම අද (05) දහවල් 12.15ට නිකුත් කරන ලද අතර, එය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වේ.
දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ, ඉහත සඳහන් කළ ප්‍රදේශවල ජනතාව මෙම නිවේදනය පිළිබඳව දැඩිව සැලකිලිමත් විය යුතු බවයි. අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශවල (ඡායාරූපවල රතු පැහැයෙන් දැක්වෙන පරිදි) සිටින සියලු දෙනාට අදාළ අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති වීමේ හැකියාවක් පවතින බව නිවේදනය කරයි. එබැවින්, අකුණු සැර වැදීමෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර කඩිනමින් ගන්නා ලෙසට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටී.


0 Comments