ගංවතුරට පිහිට වෙන්න ගිය දකුණේ තරුනයෙකුට අතුරුගිරියේදී වූ අකරතැබ්බය : පහරදීමක් ගැන ආන්දෝලනාත්මක පුවතක්
ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසා දීමේ අරමුණින්, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ දකුණු පළාතේ තරුනයෙකුට අතුරුගිරිය ප්‍රදේශයේදී දරුණු පහරදීමකට ලක්වීමට සිදුවූ පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යමින් තිබේ.
පවතින ගංවතුර තත්ත්වය හමුවේ අසරණ වූවන්ට උදව් කිරීමට දුර බැහැර ප්‍රදේශවලින් කොළඹට පැමිණි මෙම තරුණයින්ට, ඔවුන්ගේ මෙම උදව් කිරීමේ ක්‍රියාව 'ව්‍යාජ එකක්' යැයි සැක කළ ප්‍රදේශවාසීන් පිරිසක් විසින් පහර දී ඇති බවට අදාළ වීඩියෝවෙන් තොරතුරු අනාවරණය වේ. දකුණේ බලපිටිය ප්‍රදේශයේ සිට බෝට්ටු රැගෙන පැමිණි මෙම පිරිසට සිදුව ඇති මෙම අවාසනාවන්ත සිදුවීම මේ වන විට පොලිසිය වෙතද වාර්තා කර ඇත.
මේ වන විට පහරදුන් පුද්ගලයන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත්ව ඈත.

0 Comments