Ticker

6/recent/ticker-posts

2026 අයවැය වාර්තාගත අයුරින් සම්මත වෙයි!

 

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, එනම් අයවැය, තෙවන වර කියවීමේ ඡන්ද විමසීමෙන් අති බහුතර ඡන්දයකින් සම්මත වී ඇත. මෙය රටේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙළට ලැබුණු පුළුල් සහයෝගයක් ලෙස සැලකේ.

සංශෝධන සහිතව සම්මත වූ මෙම අයවැයට පක්ෂව ඡන්ද 158ක් හිමි වූ අතර, විරුද්ධව වාර්තා වූයේ එක් ඡන්දයක් පමණි. එහි ප්‍රතිඵලය වූයේ වැඩි ඡන්ද 157 කින් අයවැය සරලව සම්මත වීමයි. ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බවද වාර්තා වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය නොවැම්බර් මස 7 වනදා මෙම විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා විවාදය නොවැම්බර් මස 15 වනදා ආරම්භ වූ අතර, විවාද අවසානයේදී මෙම තීරණාත්මක ඡන්ද විමසීම පැවැත්විණි.

Post a Comment

0 Comments