වර්තමානය වන විට, විවිධ කාල වකවානුවලදී නවක නළු නිළියන් කලාවට පිවිසීම සාමාන්‍ය දෙයකි. එහෙත්, ඇතැම් රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට කාලයක් තිරයෙන් ඈත්ව සිටියද ප්‍රේක්ෂකයාගේ ආදරය එකසේ දිනාගැනීමට හැකිවීම, සැබැවින්ම කලාකරුවෙකු ලබන මහඟු භාග්‍යයක් ලෙස සැලකිය හැකිය.
අද අප කතා කරන්නට සූදානම් වන්නේ එවැනි සුවිශේෂී රංගන ශිල්පිනියක් ගැනය. ඒ ඇය දැන් ආදරණීය මවක් වී සිටින නිසාවෙනි. එබැවින්, තවත් කාලයක් යනතුරු තිරය හරහා ඇයගේ රංගනය අපට දැකගැනීමට නොලැබෙනු ඇත.
ඇය නමින් මාෂි සිරිවර්ධන යි. රංගනයට යම් විරාමයක් තබා සිටියද, මාෂිගේ තොරතුරු සොයා බලන ප්‍රේක්ෂකයින් ඇය කෙරෙහි තබා ඇති ආදරය තවමත් එලෙසම තිබේ.
කෙසේ වුවද, මෙම ජනප්‍රිය රංගන ශිල්පිනිය මීට දින කිහිපයකට පෙර ඉතාමත් සුන්දර ඡායාරූප පෙළක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් වෙත එක් කර තිබුණි. මවක් වී සිටින ඇය නිතර මාධ්‍ය හරහා දැකගන්නට නොලැබුණත්, මේ ඡායාරූප අනුව තවමත් ඇය එදා තරම්ම සුන්දර බව පැහැදිලිය. කාලය ගෙවී ගියද ඇයගේ රූ සපුවට කිසිදු හානියක් වී නොමැති බව ඇගේ රසිකයින්ද අදහස් දක්වා තිබුණි.








0 Comments