ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශය සහ ඔඩිෂා ප්‍රාන්ත දේශසීමාව කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාව ඉලක්ක කර ක්‍රියාත්මක වූ මහා පරිමාණ ගංජා ජාවාරමක තොරතුරු පළමුවරට අනාවරණය කර ගැනීමට ඉන්දීය පොලිසිය සමත්ව තිබේ. මෙම ජාවාරම සම්බන්ධයෙන් සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් අට දෙනෙකු ආන්ද්‍රා ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, මීට පෙර මෙවැනි ජාවාරම් පිළිබඳ තොරතුරු වාර්තා වුවද, දේශසීමා ආශ්‍රිතව සිදුවන මෙම විශේෂිත ජාලය පිළිබඳ තොරතුරු හෙළි වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ.
මෙම නීතිවිරෝධී ජාවාරම පිටුපස සිට මෙහෙයවීම් සිදුකර ඇත්තේ කාන්තාවක් බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබීම විශේෂත්වයකි. ඇය විසින් කුලී පදනම මත ලබාගත් නිවසක් ආරක්ෂිත මධ්‍යස්ථානයක් ලෙස භාවිත කර ඇති අතර, එහි රහසිගතව ගංජා තොග රැස් කර තබා පසුව විවිධ උපක්‍රම මගින් ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට කටයුතු කර ඇත. මෙම ජාලය ඉතා සංවිධානාත්මක අයුරින් කාලයක සිට ක්‍රියාත්මක වී ඇති බවට සැක පළ කෙරේ.
අදාළ වැටලීම සිදුකරන අවස්ථාවේදී එම නිවසේ සඟවා තිබූ ගංජා කිලෝග්‍රෑම් 74ක තොගයක් පොලිස් භාරයට ගෙන ඇත. මීට අමතරව ජාවාරම් කටයුතු සඳහා භාවිත කළ මෝටර් රථයක්, යතුරුපැදි දෙකක් සහ ජංගම දුරකතන කිහිපයක් ද විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් හරහා මෙම ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලංකාවේ සිටින අනෙකුත් පාර්ශවයන් පිළිබඳව තොරතුරු ලබා ගැනීමට ඉන්දීය බලධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

0 Comments